හොර රහස් පරීක්ෂකයින් කොල්ල කාලා



කුවේටයේ හවාලි ආණ්ඩුකාර නගරයේදි රහස් පොලිස් පරීක්ෂකයන් බව අඟවමින්  ඉන්දීය ජාතිකයෙකුව මංකොල්ල කා ඇති බව වාර්තා වේ.

ඉන්දිය ජාතිකයාට  පහර දී ඔහු සතුව තිබු මුදල් සහ ජංගම දුරකථනය රහස් පොලිස් පරීක්ෂකයින් ලෙස පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු පැහැර ගෙන ගොස් ඇත.

රහස් පොලිස් පරීක්ෂකයින් ලෙස පෙනී සිටි පුද්ගලයින් තිදෙනා පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවත්, පහර දුන් පුද්ගලයන්ගේ විස්තර පොලිසියට හෙළි කිරීමට ඉන්දිය ජාතිකයා සමත් වී ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක    
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS