හොර මැත්පැන් ස්කාගාරයක් අල්ලයි



කුවේටයේ මහා පරිමානයෙන් පවත්වා ගෙන ගිය හොර මත්පැන් ස්කාගාරයක් අල්ලා ගැනීමට කුවේට් පොලීසිය සමත් වී ඇති බව වාර්තා වේ.

නේපාල ජාතිකයන් හතර දෙනෙක් නිවාස නවයක ස්කාගාර පවත්වා ගෙන ගොස් ඇති අතර, පොලීසියට ලැබුණු තොරතුරු මත වැටලීම සිදු කර ඇත.

වැටලීම සිදුකිරීමෙන් පසු, සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් නේවාසික දෙපාර්තුමේන්තුවට අවශ්‍යව සිටි පුද්ගලයෙකු හඳුනාගැනීමට හැකි වී ඇත.

මත්පැන් පෙරීම සඳහා යොදාගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් හමු වී ඇති අතර, බැරල් සිය ගණනක් සහ විකිණීමට සූදානම් කර තිබු මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් ඒ අතර වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS