හොර නීතිඥවරියට වැඩ වරදි



ව්‍යාජ උපාධියක් ලබාගෙන නීතිඥවරියක් ලෙස සේවය කල කුවේට් කාන්තාවකට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අධ්‍යාපන කටයුතු සඳහා මාසිකව කුවේට් ඩිනාර් 200ක් මුදලක් කුවේට් රජයෙන් ලබාගෙන ඇති බව මුලික විමර්ෂණවලින් අනාවරණය කරගෙන ඇත.

අධ්‍යාපන කටයුතු සඳහා ව්‍යාජව ලබාගත් කුවේට් ඩිනාර් 7,000ක් ආපසු ගෙවීමෙන් පසු පරීක්ෂණ අවසන් වන තෙක් නිදහස් කිරීමට කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය කටයුතු කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS