හොර නීතිඥයන් 50ක් අල්ලයි



කුවේටයේ හොර නීතිඥයන් පනස් (50) දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නීතිඥයන් වීමට වංචනික ආකාරයෙන් නීති උපාධි ලබාගෙන ඇති බවට මූලික විමර්ෂණවලදි අනාවරණය කරගෙන ගැනීමට පොලීසිය සමත් වී ඇත. 

හොර නීතිඥයන් පනස් දෙනොට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍යය නඩු පැවරීමේ අධිකාරියට භාර දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර උප-ලේකම්, ෆාතිමා අල්-සන්නාන් ප්‍රකාශ කළා ය.

ගල්ෆ් කලාපයේ රටක් කුවේට් ජාතිකයන්ට නීති උපාධිලබා දී ඇති බව ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

විශාල කුවේට් ජාතිකයන් ප්‍රමාණයක් වංචනික ආකාරයෙන් උපාධි ලබාගෙන රැකියාවල නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට කුවේට් පොලීසිය වැටලීම් සිදුකළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය) 


RECOMMEND POSTS