හොර උපාධියකින් උගන්වලා



කුවේට් කාන්තාවක් නීතිවිරෝධි ආකාරයෙන් ලබාගත් උපාධියකින් විශ්වවිද්‍යාලයක උගන්වා ඇති බව වාර්තා වේ.

වසර හතරක කාලයක් විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සඳහා විශාල මුදලක් වියදම් කර අරාබි රටකින් ආචාර්ය උපාධිය දක්වාම ඇති සියළුම උපාධි නීතිවිරෝධි ආකාරයෙන් ලබාගෙන ඇත.

අරාබි ජාතිකයෙක් උපාධි ලබාගැනීමට උදව් කර තිබෙන බවට මුලික පරීක්ෂවලින් අනාවරණය වී ඇත. 

වැටුප් වශයෙන් ලබාගත් කුවේට් ඩිනාර් 117,000ක මුදලක් භාණ්ඩාගාරයට ආපසු ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්ථ කුවේට් නගරය)

RECOMMEND POSTS