හොර උපාධි දුන්නේ නැහැලු



ඊජිප්තු විශ්වවිද්‍යාල කුවේට් සිසුන්ට මුදලට උපාධි ලබාදී ඇති බවට කුවේට් බලධාරීන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින්කුවේට් ඊජිප්තු තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

හොර උපාධිවලට සම්බන්ධ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඊජිප්තු බලධාරීන් සූදානමින් සිටින බව ඊජිප්තු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

උපාධි සම්බන්ධයෙන් සොයා බැලීමට කුවේට් බලධාරීන් පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් බලා සිටින බවත් වාර්තාවේ සඳහන්වන කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ඊජිප්තු තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS