හොර අල්ලන්න රොබොට්ටෙක්



මුර සංචාරක කටයුතු සඳහා ස්වයංක්‍රීයව පාලනය වන වාහන යොදා ගන්නා පළමු රට බවට පත්වීමට ඩුබායි පොලීසිය කටයුතු කරමින් සිටින බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඩුබායි නගරය ලොවස්මාර්ට්මනගරයබවටපත්කිරීමට යන ගමනේ එක් කොටසක් ලෙස මෙය හැදින්විය හැකි අතර ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිතා කරන රට බවට එමිරේට්ස් රාජ්‍යය පත්කිරීමට ඩුබායි පාලක, ෂීක්මොහොමඩ්බින්රෂීඩ්අල්මක්ටූම්දැඩි ඇල්මක් දක්වන බව මෙවැනි ව්‍යාපෘති තුලින් තහවුරු වේ.

අටාසෝන්සිංගප්පූරුසමාගම සහ ඩුබායි පොලීසිය එක්ව සඳහා ස්වයංක්‍රීයව පාලනය වන වාහන නිෂ්පාදනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව ඩුබායි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

වාහනයේ සවිකරන ලද කැමරාවන් සහ රේඩාර් සංවේදක මඟින් ගමන් කිරීමේදි වස්තූන් හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර ප්‍රධාන පාලන මැදිරිය හා සම්බන්ධ වීමේ හැකියාවද වාහනය සතුව ඇත. 

සැකකටයුතු භාණ්ඩ හඳුනාගැනීම සහ සැකකරුවන් පසුපස හඹායෑමේ හැකියාව ඇත.

“අලුතින් නිර්මාණය කරන වාහනය ඩුබායි නගරයේ වීදිවල මුර සංචාරක කටයුතු සඳහා යෙදවීමට සැළසුම් කර ඇති බව ඩුබායි පොලිස් මූලස්ථානයේ ප්‍රධානී, මේජර් ජෙනරාල්, අබ්දුල්ලා කලීෆා අල්මර්රි ප්‍රකාශ කළේය.

අපරාධය වැලැක්වීම, ආරක්ෂාව පවත්වාගෙන යෑම සහ ජනතාවගේ සන්තෝෂය වැඩිදියුණු කිරීම සඳහා අලුතින් නිර්මාණය කරනු ලබන ස්වයංක්‍රීයව පාලනය වන වාහන පිටිවහලක් වනු ඇති බව ඩුබායි පොලිස් මූලස්ථානයේ ප්‍රධානීයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS