හෙලිකොප්ටර් ප්‍රහාරවලින් 170 ක් මරුට



ඉරාක හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දයේෂ් ත්‍රස්තවාදීන් 170 දෙනකු මියගොස් ඇතැයි ඉරාක රජය නිවේදනය කරයි.

ඉරාක රජයේ හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇත්තේ උතුරු දෙසින් පිහිටි සලහුදීන් පළාතේ දයේෂ් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමිනි.

සලහුදීන් පළාතේ ෂිර්කාන් නගරයේ බලය ඇත්තේ අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් සතුව යැයි ද පැවැසෙයි.

ඉරාක රජයේ හමුදාව කළ පහරදීම්වලින් ත්‍රස්තයන්ගේ සන්නද්ධ රථ 13 ක් විනාශ වුණැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS