හෙලිකොප්ටරයක් ගිනි ගනි



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපෙලට අයත් ගුවන්යානා අංගනයේ නතර කර තිබු අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අයත් හෙළිකොප්ටරයක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොල සිවිල් ආරක්ෂක ඒකකයේ ගිනි නිවන භටයන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් හෙලිකොප්ටර්ය ගිනිගැනීමට හේතු වු කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බවත් විදුලි කාන්දුවීම නිසා හෙළිකොප්ටර්ය ගිනිගෙන ඇති බව මුලික විමර්ෂණවලදී සොයාගෙන ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS