හෙරොයින් ගෙනා ගුවන් මගියා අසුවෙයි



ඕමානයට හෙරෝයින් කිලෝ ග්‍රෑම් 1.5ක් රැගෙන යෑමට උත්සහ කල ගුවන් මගියෙකු මස්කට් ගුවන්තොටුපොල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ. 

ඕමානයට පැමිණි ගුවන් මගීන් පරීක්ෂා කිරීමේදි අසියාතිකයෙකුගේ උදරයේ සගවාගෙන තිබු කිලෝ ග්‍රෑම් 1.5ක බරින් යුත් හෙරොයින් තොගය රබර් කොපු 156ක අසුරා තිබු බව ඕමාන් රාජකීය පොලීසියට අයත්  මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරියකු ටයිම් ඔෆ් ඕමාන් පුවත්පතට ප්‍රකාශ කර ඇත.  

වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ගුවන් මගියාව මහජන නඩු පැවරීමේ අධිකාරියට භාර දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS