හෙදියන් බඳවා ගනියි



කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය අලූ‍තින් හෙදියන් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

කුවේට් රෝහල් තුල හෙදියන් 700කට වඩා වැඩි පිරිසකගේ අවශ්‍යතාවයක් පවතින බවත්, පුරප්පාඩු පිරවීම සඳහා ඉන්දියාවෙන් සහ පිලිපීනයෙන් හෙදියන් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

2020 ජනවාරි මාසයේ සිට රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල්වල සේවයේ යෙදවීමට නියමිතව ඇත.

බොහෝමයක් හෙදියන් පෞද්ගලික ආයතන මගින්ද ඉතිරි කොටස අමාත්‍යාංශය හරහා බඳවා ගෙන ඇත.

ජානක ප‍්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS