හෙදියන් 1000ක් ගන්න යයි



සෞදි අරාබිය පිලිපීනයෙන් හෙදියන් 1.000ක් බඳවා ගැනීමට අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

හෙදියන් ලෙස කටයුතු කිරීමට කැමති පුද්ගලයන්ට හෙද උපාධියක් සහ වසරක අත්දැකීමක් තිබිම අනිවාර්ය කර ඇත.

රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා කාන්තාවන් වැඩිපුර ප්‍රමාණයක් බඳවාගැනීමටසෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. 

මුලික වැටුප සෞදි රියාල් 4,110ක් සහ ලබා ඇති සේවා පළපුරුද්ද අනුව වසරකට සෞදි රියාල් 295 බැගින් ගෙවීමට තීරණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS