හුළං බලෙන් කාර් එකක් ඊජිප්තුවෙන්



ඊජිප්තුවේ සිසුන් පිරිසක් ඔවුන්ගේ අධ්‍යාපන ව්‍යාපෘතියක් සඳහා ඔක්සිජන් යොදා ගෙන ධාවනය කළ හැකි කුඩා මෝටර් රථයක් නිර්මාණය කර තිබේ.

සම්පීඩිත ඔක්සිජන් ටැංකියක් සවි කළ මෙම කුඩා ‘ගෝ කාට්’ වර්ගයේ මෝටර් රථයට පැයට කිලෝ මීටර් 40 ක වේගයකින් ගමන් කළ හැකි බව පැවැසෙයි.

මෙම මෝටර් රථය නිර්මාණය සඳහා වැය වී ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 1,000 කි. හුළං බලයෙන් දුවන මෙම රථය නිර්මාණය කර ඇත්තේ හෙල්වාන් විශ්ව විද්‍යාලයේ ඉන්ජේරු විද්‍යා සිසුන් පිරිසකි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS