හිස්බුල්ලාට බහුතරය අහිමි වෙයි



ඉරානයේ අනුග්‍රහය ලබන හිස්බුල්ලා සංවිධානයටත් ඊට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂවලටත් ලෙබනන පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇත.

හිස්බුල්ලා සංවිධානය ඇතුළු ඊට හිතවත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වූයේ පැවැති මහ මැතිරණයෙන් ලැබූ පරාජය හේතුවෙනි.

හිස්බුල්ලා සංවිධානය සහ ඊට සහාය දක්වන දේශපාලන කණ්ඩායම්වලට දිනා ගැනීමට හැකිවූයේ ආසන 61 ක් පමණි. බහුතරය සඳහා ආසන 65 කට වඩා හිමිකර ගැනීමට නියමිතව තිබුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS