හිස්බුල්ලා-හමාස් සටනට සූදානම්



ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ අංශය මෙන්ම ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායම පවසා ඇත්තේ ඉරානය ඇමෙරිකාව සමඟ යුද වදින්නේ නම්, තමන් ඊට සහාය දක්වන බවය.

ඇමෙරිකාවේ ‘අපරාධ’ සහ ‘ත්‍රස්ත ක්‍රියා’ තවත් ඉදිරියට ගෙන යෑමට ඉඩ නොදී ඇමෙරිකාවට දඬුවම් කළ යුතු යැයි හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පවසා ඇත. හිස්බුල්ලා සන්නද්ධ අංශය මෙන්ම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ද ඇමෙරිකාවේ ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS