හිස්බුල්ලා නායකයාගෙන් ඉල්ලීමක්



ලෙබනන් රජයට එරෙහිව පවත්වන දීපව්‍යාප්ත විරෝධතා නවත්වන ලෙසත්, විරෝධතා දිගින් දිගටම පැවැතියහොත් රට අස්ථාවර වනු ඇති බවත් ලෙබනනයේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ලෙබනන් වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිස්බුල්ලා නායකයා කළ ඉල්ලීමට තමන් කන් නොදෙන බවත්, රජය ‘වැටෙන තුරු’ විරෝධතා පවත්වන බවත් විරෝධතාකරුවෝ පවසති.

ලෙබනනයේ විරෝධතා පැවැත්වෙන්නේ ජනතාව පීඩාවට පත් වී සිටිද්දී, අගමැති සාද් හරීරිගේ රජයේ ඇමැතිවරුන් සුඛෝපබෝගී  දිවියක් ගත කරනවා යැයි චෝදනා එල්ල වීමත් සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS