හිමේ යන පළමු කාන්තාව



හිමේ කිලෝමීටර් ගණනාවක් යමින් සිදුකරන ගවේෂණාත්මක වැඩසටහනකට තිස් හතර හැවරිදි ඕමාන කාන්තාවක වන අනීසා අල්-රයිසි සහභාගි වන බව වාර්තා වේ.

“යුරෝපා-මැදපෙරදිග ධ්‍රැවීයකාන්තා ගවේෂණ 2018’’ වැඩසටහනේ කොටසක් ලෙස දින දහයක කාලයක් වැඩසටහන පැවැත් වේ.

උත්තර ධ්‍රැවයේ කිලෝමීටර් 100ක දුර ප්‍රමාණයක්  හිම මත යෑමට සිදුවන අතර ඒ සඳහා ඇය මේදිනවල පුහුණුවීම් කටයුතු සිදුකරන බව වාර්තා වේ.

යම් හෙයකින් නියමිත කිලෝමීටර් ප්‍රමාණය සම්පූර්ණ කිරීමට සමත්වුවහොත් එවැනි දස්කමක් කළ පළමු ඕමාන කාන්තාව බවට පත් වීමේ භාග්‍ය ඇය උදා කරගැනීමට සමත් වේ. 

යුරෝපීය සහ මැදපෙරදිග කාන්තාවන් අතර අන්තර් සම්බන්ධතාවය වර්ධනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය ධ්‍රැවීය ගවේෂකයින්ගේ සංවිධානය ගවේෂණාත්මක වැඩසටහන සංවිධානය කරනු ලබන අතර විද්‍යාත්මක සහ පරියේෂණාත්මක දැණුම හුවමාරු කරගැනීමක්ද අදාල වැඩසටහන යටතේ සිදුවන බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයන්)


RECOMMEND POSTS