හිතවත්කම් දෙරටටම අහිතකරයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෞදියේ සල්මාන් කුමරුන්ට දක්වන ‘හිතවත්කම්’ ඇමෙරිකාවට පමණක් නොව, සෞදි අරාබියට ද අහිතකර යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

සෞදි මාධ්‍යවේදී ඇමෙරිකන් ජාතික ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට චෝදනා එල්ල වී ඇත. කුමරු ඝාතනයට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි සහ හඬපට පවා ලැබී ඇත.

එසේ තිබියදී ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් තරයේ පවසා ඇත්තේ සෞදිය සමඟ හෝ කුමරුන් සමඟ හෝ විරසකයක් ඇති කර ගැනීමට තමාගේ කැමැත්තක් නොමැති බවය.

ට්‍රම්ප්ගේ මෙම තීරණය ලෝක බලවතා ලෙස ඇමෙරිකාවට අවාසියක් බවත්, සෞදියට ඇමෙරිකාව පක්ෂ බව ලොවට තහවුරු කිරීමක් බවත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS