හිටපු හමුදා නිලධාරියා මරා දමලා



සිරියාවේ අවි ගැටුම්වලට මැදි වුණු වැසියන් බේරා ගැනීමට ‘වයිට් හෙල්මට්’ සංවිධානය පිහිටුවූ බ්‍රිතාන්‍යයේ හිටපු හමුදා නිලධාරී ජේම්ස් ලෙ මෙසියුර් මරා දමා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ජේම්ස් ලෙ මෙසියුර්ගේ සිරුර හමුවී ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ඔහුගේ නිවසිනි.

ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ ජේම්ස් ලෙ මෙසියුර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවත්, ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන් නීතිය හමුවට ඉදිරිපත් කරන බවත්ය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS