හිටපු ස්පාඤ්ඤ රජු සෞදි රජු හමුවෙයි



සෞදි රජු වන සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද් හිටපු ස්පාඤ්ඤ රජු වන ජුවාන්  කාලෝස් රියාද් නුවර පිහිටි සෞදි රජුගේමාලිගයේ දී හමුවු බව අල් රියාද් පුවත්පත වාර්තා කළේය.

කාලිඩ් බින් ෆහද් බින් කාලිඩ් කුමරු,රියාද් ආණ්ඩුකාර ෆයිසාල් කුමරු බින් බන්ඩාර් බින්අබ්දුල් අසීස් සහ අනෙකුත් නිලධාරීන්මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.

හිටපු ස්පාඤ්ඤ රජුට ගෞරවයක් වශයෙන් භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS