හිටපු ජනාධිපති මොර්සිගේ බාල පුතා මියගිහින්



බන්ධනාගාරගතව සිටිද්දී වධ බන්ධනයන්ට ලක් වී, නඩු විභාගයක් අතරතුරේ හෘදයාබාධයකින් මියගිය ඊජිප්තු ජනාධිපති මොහොමද් මොර්සිගේ බාල පුතු අබ්දුල්ලා මොර්සි ද හදිසි හෘදයාබාදයකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

අබ්දුල්ලා මොර්සි මියගොස් ඇත්තේ කයිරෝ අගනුවර රෝහලකදීය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 24 ක් බව ද පැවැසෙයි. අබ්දුල්ලා මොර්සිගේ මරණය සම්බන්ධයෙන් ඊජිප්තු සෞඛ්‍ය අමත්‍යාංශය මෙතෙක් කිසිවක් පවසා නොමැති බව ද වාර්තා වේ.

චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිටි මොහොමඞ් මොර්සි මියගියේ පසුගිය ජූනි 17 වැනිදාය. ඊජිප්තුවේ පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස මොහොමද් මොර්සි සැලකෙයි.
(අල් ජසීරා)


RECOMMEND POSTS