හිටපු ජනපති ගැන කථාබහක්



හිටපු ඊජිප්තු ජනාධිපති, මොහොමඩ් හොස්නි මුබාරක් ගැන අන්තර්ජාලය පුරා කථාබහක් ඇති වී ඇති බව වාර්තා වේ.

පෝෂණ විශේෂඥවරියක් වන හෙයිලි අල්-සදානි  හිටපු ජනාධිපතිවරයාත් සමඟ ලබාගත් ඡායාරූපයක් ජනාධිපතිවරයාගේ කැමත්තකින් තොරව අන්තර්ජාලයට එක්කිරීම හේතුවෙන් අන්තර්ජාල පරිශීලකයන් අතර කතාබහක් ඇති වී ඇත.

ජනාධිපතිවරයා සමඟ සිටින ඡායාරූපය අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් පෝෂණ විශේෂඥවරිය මුබාරක් පවුලෙන් සමාව ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS