හිටපු කුවේට් අග්‍රාමත්‍යවරයා ටුවිටර් ගිණුම් හිමිකරුට නඩු පවරයි



හිටපු කුවේට් අග්‍රාමාත්‍ය ෂයික් නසීර් අල්-මොහොම්මද් අල්- අහමඩ් අල්-ජබීර් අල්-සභාට අපහස වන ආකාරයෙන්  ටුවිටර් සමාජජාල ගිණුමක් උපයෝගි කර ගනිමින් අපහස කල පුද්ගලයෙකුට විරුද්ධව නඩු පවරා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

වමීඩ් ටුකී බුයාබස් නම් මෙම පුද්ගලයා හිටපු අග්‍රාමාත්‍යවරයා “භායානක අපරාධකරුවකු“ වශයෙන් හදුන්වමින් ටුවිටර් සමාජජාල වෙබ් අඩවියේ අපහාසාත්මක වාක්‍යක් පල කර ඇත. 

අග්‍රාමාත්‍යවරයා විසින් ටුවිටර් ගිණුම් හිමියාට විරුද්ධව නීතිඥ එමාඩ් අල්-සයීෆ් මාර්ගයෙන් කුවේට් රාජ්‍ය නඩු කාර්‍යශයේ නඩු පවරා ඇත.

අදාල සාක්ෂී ගොනු කිරීමෙන් අනතුරුව වමීඩ් ටුකී බුයාබස්ට විරුද්ධව නීතිමය පියවරු ගැනීමට නියමිතයි.

දැනගැනීම පිණිස: අන්තර්ජාලය හරහා සිදුවන මෙවැනි අපහසාත්මක ක්‍රියාවන් හදුන්වනු ලබන්නේ cyber defamation යනුවෙනි. එය ලිඛිතව සහ වාචිකව සිදුකල හැකිය. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS