හිටපු කුවේට් අග්‍රාමත්‍යවරයා අපහාසාත්මක නඩුවෙන් ජයගනීයි



හිටපු කුවේට් අග්‍රාමාත්‍ය ෂයික් නසීර් අල්-මොහොම්මද් අල්- අහමඩ් අල්-ජබීර් අල්-සභාට අපහාසාත්මක වන ආකාරයෙන් සමාජජාල වෙඩ් අඩවියක් ඔස්සේ ප්‍රකාශ කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් අල්-මීසලම්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හිටපු අග්‍රාමත්‍යවරයා කටයුතු කරන ලදී. 

අපහස කිරීමට සම්බන්ධ නඩුව අධිකරණය මගින් විභාග කල අතර ඊට අවශ්‍ය සාක්ෂි ගෙනු කිරීම පොලීසිය මගින් සිදුකරන ලදී.
සියළු සාක්ෂි අධ්‍යන කිරීමෙන් අනතුරුව විනිසුරුතුමන් විසින් ෆයිසල් අල්-මීසලම්ව වරදකරු කර කුවේට් ඩිනාර් 150ක දඩ මුදලක් ගෙවීමට නියෝග කරන ලදී. 

මෙම ප්‍රවෘත්තිය ජි.ඩි.එන්.ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන්.ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS