හිටපු අගමැති කොරෝනාවෙන් මරුට



ලිබියාවේ අගමැති ධුරය හෙබවූ මහ්මුද් ජිම්රිල් (68) කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ.

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි පාලනය පෙරළා දැමීමට සටන් වැදුණු කැරැලිකරුවන්ට නායකත්වය දී, පසුව පිහිටුවූ ලිබියානු නව රජයේ අගමැතිවරයා වූයේ මහ්මුද් ජිම්රිල් ය.

මහ්මුද් ජිම්රිල් පසුගිය දෙසතියක කාලයේ ඊජිප්තුවේ කයිරෝ නුවර ගැන්සූරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. කොරෝනා ආසාදිතයකු යැයි හඳුනා ගැනීමෙන් දින තුනක් යද්දී, මහ්මුද් ජිම්රිල් හෘදයාබාධයකට ගොදුරු වූ බව ද පැවැසෙයි.

බෙන්ගාසීහිදීය (රොයිටර්)


RECOMMEND POSTS