හැඳුනුම්පතට සෞඛ්‍ය තොරතුරු



එක්සත් අරාබි එමිරේට්ස් හැඳුනුම්පතට පෞද්ගලික සෞඛ්‍ය තොරතුරු ඇතුලත් කරන බව වාර්තා වේ.

තමන් පරිත්‍යාග කිරීමට කැමති අවයව පිළිබඳ තොරතුරුද හැඳුනුම්පතට අඩංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

සෞඛ්‍ය හා නිවරණ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ හැඳුනුම්පත් සහ පුරවැසිභාවය පිළිබඳ අධිකාරියේ සහයෝගයෙන් අරාබි සෞඛ්‍ය ප්‍රදර්ශන සමුළුවේදිඅදාල වැඩසටහන දියත් කර ඇති අතර හැඳුනුම්පත “ස්මාර්ට් සෞඛ්‍ය කාඩ්පත’’යනුවෙන් නම් කර ඇත.

ගල්ෆ් කලාපයේ වෛද්‍යවරුන්ට පෞද්ගලික සෞඛ්‍ය තොරතුරු පරීක්ෂා කිරීමට හැකි වන ආකාරයෙන් කාඩ්පත නිර්මාණය කර ඇති අතර කාඩ්පත හිමි පුද්ගලයාගේ අසාත්මිකතාවයන්,ලේ වර්ගය,රෝග නිශ්චයන්,නිදන්ගත රෝගසහපරිත්‍යාග කිරීමට කැමති අවයව පිළිබඳ තොරතුරු කාඩ්පතට ඇතුලත් කරයි.

කාඩ්පතේ අඩංගු කර ඇති තොරතුරු කියවීමට වෛද්‍යවරුන්ට අවස්ථාව ලබා දී තිබුණත් තොරතුරු ඇතුලත් කිරීමට අවසර ලබා දී නොමැත.

අවයවයන් ප්‍රදානය කිරීමට කැමති පුද්ගලයින් 55 දෙනෙක් දැනටමත් ලියාපදංචි වී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS