හැටතුන් හැවිරිදි ලාංකික කාන්තාවක් ඩුබායිහිදී දරුවෙකු බිහිකරයි



 

හැටතුන් හැවිරිදි වියේ පසුවන ශ්‍රී ලාංකික විවාහක කාන්තාවක විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ  රෝහලකදී දරුවෙකු බිහිකළ බව  එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත්පත් වෙබ් අඩවිය ඊයේ (22) වාර්තා කළේය.

සිසේරියන් සැත්කමකින් එලෙස  උපත ලබා ඇත්තේ කිලෝ ග්‍රෑම් 2.25 ක් බරැති නීරෝගි  ගැහැණු දරුවකු බව එම පුවත්පත් වෙබ් අඩවියේ සඳහන් වේ.

එම වාර්තා සඳහන් කරන පරිදි අදාළ ලාංකික කාන්තාව සහ අයගේ 61 හැවිරිදි ලාංකික ස්වාමිපුරුෂයා ඉන්දියාවේ චෙන්නායි නුවරදී දරුඵල සරුගැන්වීමේ සායනික ක්‍රමවේදය ( අයි.වී.එෆ් )  ප්‍රතිකාර මත  ඩුබායි හි තම්බේ නම් රෝහලේ ඉන්දීය ජාතික නාරිවේද විශේෂඥ වෛද්‍යවරියකගේ වෛද්‍ය උපදෙස් යටතේ  මෙම දරුවා බිහි කර ඇත.

මෙම දරැ උපත සිදු කළ කාන්තාවගේ අන්‍යන්‍යතාවය හෙළි කිරීමට ඇය දරු උපත සිදු කළ රෝහල හා එම කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම කාන්තාවගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය අවසන් වරට දරු උපතක් සිදු කර ඇත්තේ මීට වසර 13කට පෙරය.

සිය දෙවන විවාහයෙන්  වයස අවුරුදු 63 දී තවත් දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් ගල්ෆ් නිව්ස් පුවත්පත් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැනි වසයකදී දරුවෙකුට බිහි කිරීම හැකිවීම තමා මෙන්ම තම පවුලේ අය ඉතාම සතුටට පත්වන බවය.

මෙම කාන්තාවගේ සැමියා ඩුබායි හි රාස් අප් කමීයාහ් හි සේවය කර අතර ඔවුන් ඩුබායි පදිංචිකරැවන් වෙති.

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS