හැකර් ප්‍රහාරකයාට වසර 7ක සිරදඩුවමක්



කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයාට වසර 7ක සිරදඩුවමක් ලබා දී ඇති බව වාර්තා වේ.

සයිබර් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඊජිප්තු ජාතිකයෙක් වන අතර, සිරදඩුවම සම්පූර්ණ කිරීමෙන් පසු කුවේටයෙන් පිටුවහල් කරන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කර ඇත.

ඇමරිකාව කුවේටයෙන් සිය හමුදා ඉවත් කරගැනීමට කටයුතු කරන බවට වැරදි ප්‍රවෘත්තියක් ට්විටර් ගිණුමේ පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS