හවුදි ගරිල්ලන් දෝෂදර්ශනයට



යේමනයේ සටන්වදින හවුදි ගරිල්ලන් සෞදි අරාබියේ රියාද් නුවරට එල්ල කරනු ලබන බැලිස්ට්ක් මිසයිල් ප්‍රහාරයන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2216 වන යෝජනාව උල්ලංඝනය කිරීම  සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයේදි සාමාජික රටවල්වල නියෝජිතයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි අරාබියට සහ අසල්වැසි රටවල් වලට දිගින් දිගටම එල්ල කරනු ලබන බැලිස්ටික් මිසයිල් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් හවුදි ගරිල්ලටන්ට අනතුරු ඇඟවු බව සෞදි විදේශ අමාත්‍යවරයාට අයත් ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කොට ඇති බවජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS