හවුති සටන්කාමීහු සෞදි සෙබළුන් මරති



යේමනයේ රජය පෙරළා දමා බලය අත්පත් කරගත් යේමන සටන්කාමීන් සහ ඔවුන්ට සහාය දක්වන යේමන රජයේ හමුදා නජ්රාන් පළාතේදී සෞදි සෙබළුන් කණ්ඩායමක් ඝාතනය කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
මෙම සෞදි සෙබළුන්ට හවුති සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. අල් සාදා නමැති සෞදි හමුදා කඳවුර පිහිටා ඇත්තේ නජ්රාන් පළාතේය.
සෞදි හමුදාව යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල් කරයි. සෞදි ගුවන් හමුදාව එසේ එල්ල කරන ප්‍රහාරවලින් සිවිල් වැසියෝ දහස් ගණනක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිති.

(ප්‍රෙස් ටීවී ඇසුරිනි)


RECOMMEND POSTS