හවීජා නගරය අසල සමූහ මිනීවළක්



ඉරාකයේ හවීජා නගරය අසලින් සමූහ මිනීවළක් හමුවුණු බවත්, 400 කට වැඩි මළසිරුරු සංඛ්‍යාවක් එහි ඇති බවත් ඉරාන රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හවීජා නගරය අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවැතිණි. එය මුදා ගැනීමට ඉරාක හමුදා සමත් වූයේ පසුගිය මාසයේය.

මළ සිරුරු හවීජා නගර වැසියන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ යැයි පැවැසෙයි. අයි.එස්. ත්‍රස්තවාදීහු නගරය අල්ලා ගත් අවස්ථාවේදී නගර වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත්හ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS