හරීරි යළි ලෙබනනයට



මරණ තර්ජන එල්ල වෙනවා යැයි පවසමින්, ධුරයෙන් ඉවත් වුණු ලෙබනන් අගමැති සාද් හරීරි යළි ලෙබනනයේ බීරූට් අගනුවර බලා පැමිණියේය.

ලෙබනන් නිදහස් අදට යෙදී තිබුණි. හරීරි ඒ වෙනුවෙන් පැවැති ජාතික උත්සවයට සහභාගී විය. බීරූට් ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ පටන් හරීරිට හමුදාවෙන් විශේෂ ආරක්ෂාවක් හිමිවිය.

හරීරි ඉල්ලා අස්වන බව පැවැසුවේ සෞදියේ රියාද් නුවර සිටය. ඒ මීට සතියකට පමණ පෙරය. ඉල්ලා අස්වන බව නිවේදනය කළත්, එය තමා පිළි ගන්නේ නැතැයි ලෙබනන් ජනාධිපති මිචෙල් එයුන් පවසා තිබේ.

හරීරි බීරූට් බලා පැමිණියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ ඊජිප්තු බලධාරීන් ද සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS