හරීරි ඊජිප්තුවට යයි



ධුරයෙන් ඉල්ලා අස්වුණු ලෙබනන් අගමැති සාද් හරීරි, අද (20) ඊජිප්තුවට පැමිණීමට නියමිතය.

හරීරි ඊජිප්තුවට පැමිණෙන්නේ ප්‍රංශයේ පැරිස් පනුවර සිටය. හරීරි ධුරයෙන් ඉවත් වමත් සමඟ අර්බුදයක් නිර්මාණය විය.

එම අර්බුදය සම්බන්ධයෙන් ඊජිප්තු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණ වෙයි.

හරීරි ලෙබනන් අගමැති ධුරයෙන් ඉවත් වූයේ පසුගිය නොවැම්බර් 4 වැනිදාය. ලෙබනන් නිදහස් දිනය ලබන 22 වැනිදාට යෙදී ඇත. තමා එදිනට යළි ලෙබනනය බලා පැමිණෙනවා යැයි හරීරි පවසා තිබේ.

හරීරි, එසේ ලෙබනනය බලා යද්දී ඊජිප්තුවට පැමිණෙන බව ද වාර්තා වේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS