හරීරි අදහස වෙනස් කරයි



ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර ඇති ලෙබනන් අගමැති සාද් හරීරි, මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තමා ගත් තීරණය වෙනස් කරන බවය.

ඒ අනුව, හරීරි දිගටම ලෙබනන් අගමැති ලෙස එම ධුරයේ කටයුත කරනු ඇතැයි ද පැවැසෙයි. හරීරි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවැසුවේ ඔහුට මරණ තර්ජන එල්ල වන බව පෙන්වා දෙමිනි.

හරීරි එසේ කීවේ, සෞදියේ සංචාරයක නියැලී සිටිද්දීය. හරීරි ඒ බව ලෙබනන් ජනපතිට දැනුම් දුන් අවස්ථාවේදී, ඉල්ලා අස්වීම බාර ගැනීම ජනපති ප්‍රතික්ෂේප කළේය.

හරීරි දැන් යළි ලෙබනනයට පැමිණ සිටී. ඔහු පෙන්වා දෙන්නේ, සියල්ල යහපත් අතට හැරෙමින් පවතින බවය. එසේ වුවහොත් තමා ධුරයෙන් අස් නොවන බව ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(ද ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS