හරිත කලාපය ජනතාවට විවෘත වෙයි



ඉරාකයේ බැග්බෑඞ් අගනුවර කේන්ද්‍රයේ පිහිටි ‘හරිත කලාපය’ (ග්‍රීන් සෝන්) වසර 15 කට පසු ජනතාවට විවෘත කිරීමට ඉරාක රජය තීරණය කර ඇත.

හරිත කලාපය යනු වර්ග කිලෝ මීටර් 10 ක භූමි ප්‍රදේශයකි. ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ මාලිගය පිහිටා ඇත්තේ මෙම හරිත කලාපයේය.

ඊට අමතරව, 2003 වසරේ දී සදාම් හුසේන් පාලනය පෙරළා දමමින් ඇමෙරිකාව මැදිහත් වී කළ ආක්‍රමණයෙන් පසු, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල රජයේ තානාපති කාර්යාල, ඇමෙරිකා කඳවුරු පවා මෙම කලාපයේ පිහිටා තිබුණි. හරිත කලාපය අධි ආරක්ෂිත කලාපයක් ලෙස වෙන් කෙරුණු අතර, ඉරාන වැසියන්ට එම කලාපය තහනම් කෙරුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS