හරාමේන් අධ්වේගි දුම්රිය



මක්කම සහ මඩීනා යන නගර සම්බන්ධ කරමින් හරාමේන් අධ්වේගි දුම්රිය සැප්තැම්බර් 24දින විවෘත වන බව සෞදි දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජේඩා සහ රබී යන නගර හරහා අධ්වේගි දුම්රිය මාර්ගය ගමන් කරන අතර මක්කම, මඩීනා සහ රබී යන දුම්රිය ස්ථාන ඉදිකර අවසන් බවත් පරීක්ෂණ දුම්රිය වාර සියල්ලම සාර්ථකවු බවත් හරාමේන් අධිවේගි දුම්රිය ව්‍යාපෘතියට අදාල වෙබ් අඩවියෙන් ටිකට්පත් වෙන් කර ගත හැකි බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

2018 වර්ෂය අවසන් වන තෙක් දිනකට ගමන්වාර අටක් (08) ක්‍රියාත්මක කරන බවත් ඉල්ලුම වැඩිවන ආකාරය අනුව ගමන්වාර ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය අමාත්‍ය, නබීල් අල්-අමූඩි ප්‍රකාශ කළේය .

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS