හමුදාව විවේචනය කළැයි ඊජිප්තු ලේඛකයාට නඩු



ඊජිප්තු හමුදාව විවේචනය කරමින්, ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ට අපහාස කළැයි එරට ප්‍රමුඛ පෙළේ නවකතාකරුවකුට චෝදනා එල්ල වී ඇත.

අලා අල් අස්වානීට මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ, ඔහු ජර්මන් නාළිකාවකට සැපැයූ දේශපාලන විචාරණ සහ ‘ද රිපබ්ලික්, ඈස් ඉෆ්’ කෘතිය මුල්කොට ගනිමිනි. ‘ද රිපබ්ලික්, ඈස් ඉෆ්’ කෘතිය එළිදැක්වූයේ පසුගිය 2018 වසරේය. එම කෘතිය ඊජිප්තුවේ තහනමට ලක් කර ඇති බව ද පැවැසෙයි.

අබුඩාබිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS