හමුදාව මෙන්ජිබ් නුවරට



සිරියානු රජයේ හමුදා මෙන්ජිබ් නුවර වටලා ඇතැයි පැවැසෙයි. මෙන්ජිබ් යනු ඇමෙරිකාවේ ද සහාය ලබන කුර්දි සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඇති නගරයකි.

මෙම නගරය අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරනු ලැබ තිබුණු අතර, පසුව ඇමෙරිකන් හමුදා සමඟ එක්වී, ත්‍රස්තවාදීන් පරාජය කරමින්, කුර්දි සටන්කාමීන් නගරය අල්ලා ගන්නා ලදී.

අයි.එස්. ත්‍රස්තවාදීන් පොදු සතුරා වුවත්, සිරියානු රජය සහ අසල්වැසි තුර්කිය කුර්දි බෙදුම්වාදී සලකන්නේ ද ත්‍රස්තවාදීන් ලෙසය. ඇමෙරිකාවේ අදහස වී ඇත්තේ, කුර්දි බෙදුම්වාදීන්ට අවි ආයුධ දී ශක්තිමත් කර සිරියාවෙන් ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීමටය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS