හමුදාමය විසඳුමක් නැතිව බෑ



යේමනයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම සෞදියේ හිතවතකු ද වන අබ්ද් රබූහ් මන්සූර් හාදී පවසන්නේ යේමනයේ පවතින අර්බුදය විසඳිය හැක්කේ හමුදාමය විසඳුමකින් පමණක් කියාය.

ඔහු මේ බව පැහැදිලි කළේ ඇමෙරිකාවේ නිව්යොක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙමිනි.
යේමනයේ අර්බුදයක් නිර්මාණය වූයේ පලයේ සිටි අබ්ද් රබූහ් මන්සූර් හාදී ඉවත් කිරීමට විපක්ෂයේ සහාය ලබන හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන් කටයුතු කළ නිසාය.

අබ්ද් රබූහ් මන්සූර් හාදී වෙනුවෙන් සෞදිය යේමන අර්බුදයට මැදි වී, හවුති සටන්කාමීන්ට එරෙහිව සටන් අරඹා ඇත. යේමන අර්බුදය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතින නමුත්, ඊට දේශපාලන විසඳුමක් ලබා දීමට හැකියාව ලැබී නැතැයි ද මන්සූර් හාදී ජගත් මහ සමුළුවේ දී පැහැදිලි කළේය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS