හමුදා පෙළපාළියකට බෝම්බ ප්‍රහාරයක්



යේමනයේ දකුණු දිග අල් දලීයා නුවර පැවැති යේමන හමුදාවේ කැඩෙට් භටයන් විසිර යෑමේ පෙළපාළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 8 කි. බෝම්බ ප්‍රහාරය එල්ල කළේ යේමන රජයට සහ යේමන හමුදාවට එරෙහිව සටන් වදින සටන්කාමීන් යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත.

අල් ඩාලියාහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS