හමුදා පාලකයා අභාවප්‍රාප්ත වෙයි



ඊජිප්තුවේ හමුදා පාලකයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල්, හුසේන් තන්තාවි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

2011 කැරැල්ලෙන් පසුව, ඊජිප්තුවේ තාවකාලික පාලකයා ලෙස වසර එකහමාරක් කටයුතු කළ බවත්, වයස අවුරුදු 85දි අභාවප්‍රාප්ත වු බව ඊජිප්තු ජනාධිපති කාර්යාලය පැවසීය.

1956, 1967 සහ 1973 දී ඊශ්‍රායලයට එරෙහිව පැවති යුධ මෙහෙයුම්වලදි හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, වසර 21 කට ආසන්න කාලයක් ඊජිප්තු ආරක්ෂක ඇමතිවරයා ලෙසද කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)


RECOMMEND POSTS