හමුදා ප්‍රධානියෙක් මරුට



සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ ඉතා විශ්වාසවන්තම හමුදා ප්‍රධනියකු මෙන්ම සිරියානු හමුදාවේ ඉහළ පෙලේ හමුදා අණදෙන නිලධරියකු වු බ්‍රිගේඩියර් ජෙනරාල් ඉසාම් සරේඩයින් යුධ මෙහෙයුම් පවතින කලාපය රාජකාරිවල නිරතව සිටියදී අයි.එස් ත්‍රස්තයින්ගේ බිම් බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කළේය.

බ්‍රිගේඩියර් ජෙනරාල්වරයා පසුගිය දා ඩියර් එසෝ පාළාතට ආසන්නයේ පිහිටා ඇති හවිජා සාකර් ප්‍රදේශයේ රාජකාරි සඳහා නිල රථයෙන් ගමන් කරමින් සිටියදී බිම් බෝම්බයට ගොදුරු වී ඇති බව වාර්තා වේ.

සිරියානු හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් සිදු කරන ලද හමුදා නිලධාරියකු වශයෙන් හඳුන්වා දී ඇති අතර මියයන අවස්ථාවේදි නැගෙනහිර ඩියර් එසෝ හි යුධ මෙහෙයුම් වල නිරත හමුදා භටයින් 7,000කට අණ ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ටෙලිග්‍රාෆ් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS