හමුදා ඉවත් කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි



ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉවත් කිරීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතු බවත්, එම කටයුතු සඳහා ඇමෙරිකාව ඔවුන්ගේ උදව්වට ‘සුදුසු සගයින්’ තෝරා ගැනීම කළ යුතු බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කි ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ, ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමඟ අදහස් දක්වමිනි.

සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීම මාස 4 ක් ඇතුළත සිදුවනු ඇති බවත්, එම කටයුතු සිදුවනු ඇත්තේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ද උපදෙස් අනුව බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත්තේ සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඇමෙරිකාව සමත් වී ඇති හෙයින්, ඇමෙරිකන් හමුදා ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS