හමාස් නායකයා ‘බ්ලැක්ලිස්ට්’



පලස්තීන ‘හමාස්’ සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ, ත්‍රස්වාදී ලැයිස්තුවට ඇතුළත් කර ඔහුට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පසුගිය 31 වැනිදා පියවර ගත්තේය.

ඇමෙරිකාව මේ අයුරින් හමාස් නායකයා ‘බ්ලැක්ලිස්ට්’ කළේ, ඔහු පසුගිය සති කිහිපය පුරා ඇමෙරිකාව විවේචනය කිරීම සම්බන්ධයෙනි.

හමාස් නායකයා ඇමෙරිකාව විවේචනය කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමටත්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමටත් පියවර ගැනීම නිසාය.

හමාස් යනු ඊශ්‍රායල විරෝධී පලස්තීන සංවිධානයයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉස්මයිල් හනියේ සිය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කරමින් පෙන්වා දුන්නේ ඔහු හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය සමඟ සමීප සබඳතා පවත්වන බවටය. හමාස් සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය යනුවෙන් කොටස් දෙකකි.

(රොයිටර්)


RECOMMEND POSTS