හමාස් නායකයා ඊජිප්තුවේ



ගාසාහි පලස්තීන හමාස් සංවිධානයේ නව නායක යෙහියා සින්වාර් ඊජිප්තුවේ කයිරෝ අගනුවර සංචාරයකට පැමිණියේය. හමාස් සංවිධානයේ නායකයකු මේ අයුරින් ඊජිප්තුවට පැමිණීම දුර්ලභ සිදුවීමක් විය.

හමාස් නායකයා පැමිණියේ නියෝජිත කණ්ඩායමක් ද සමඟය. ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පිරිස දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණැයි ද වාර්තා වේ.

හමාස් නියෝජිත පිරිස ඊජිප්තුවට පැමිණියේ රෆා දේශසීමා හරහාය. මෙම දේශසීමා පිවිසුම් මාර්ගය ඊජිප්තුව විසින් අවහිර කරනු ලැබ ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS