හමාස් - ෆාටා සාම ගිවිසුමක්



පලස්තීනයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් වුණු හමාස් සංවිධානය සහ ෆාටා දේශපාලන සාම මාවතකට පිවිසී සාම ගිවිසුමකට අත්සන් තැබුවේය.

මෙම නව සාම ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදීය. ඊජිප්තු රජය ගිවිසුම අත්සන් කිරීමෙහිලා මැදහත්කරුවකු ලෙස කටයුතු කළේය.

සාම ගිවිසුම යටතේ, දශක ගණනාවක් තිස්සේ දෙපාර්ශ්වය අතර පැවැති මත ගැටුම් අවසන් වනු ඇතැයි විශ්වාස කෙරේ.
ගාසා තීරයේ දේශසීමා අර්බුද සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මෙම සාම ගිවිසුමේ කරුණු කාරණා රැසක් අඩංගු වෙයි.

හමාස් යනු පලස්තීන සුන්නි ඉස්ලාමික් දැඩිමතධාරී සංවිධානයකි. ෆාටා යනු පලස්තීන ජාතික විමුක්ති බලවේගයයි. පලස්තීන පාලන අධිකාරියේ පාලක පක්ෂය වන්නේ ද මෙම දේශපාලන පක්ෂය වන අතර මෙහි සභාපතිවරයා වන්නේ පලස්තීන නායක මොහොමද් අබ්බාස්ය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS