හමාඞ් ගුවන් තොටුපොළේ ඊ-ගේට් මගීන් සඳහා බයෝමැටි්රක් දත්ත සක්‍රීය කිරීමේ මධ්‍යස්ථානයක්



 

ඊ-ගේට් පාවිච්චි කරන්නන් සඳහා හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පැමිණීමේ සහ පිටවීමේ මගී විවේකාගාර අසළ බයෝමැටි්‍රක් දත්ත සක්‍රීය කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව අභ්‍යන්තර අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව විදේශිකයන්ට සහ ඔවුන්ගේ වයස අවුරුදු 18 ට වැඩි දරුවන්ට සිය හැඳුනුම්පත උපයෝගී කරගනිමින් ඊ-ගේට් සේවාව නොමිලේ ලබාගැනීමට හැකිය.

මීට පෙර සිය බයෝමැටි්‍රක් දත්ත සක්‍රීය කර නොමැති ඊ-ගේට් පාවිච්චි කරන්නන්ට සිය සංචාරක ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරගැනීම සඳහා පැමිණීමේ සහ පිටවීමේ මගී විවේකාගාර අසළ ස්වයං සේවා යන්ත්‍ර පහක් සවි කර ඇති බව ගුවන් තොටුපොළ ගමන්බලපත්‍ර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් මොහොමඞ් රෂීඞ් අල් මෂ්රොයි පවසයි. එසේම මගීන්ට සිය බයෝමැටි්‍රක් දත්ත විනාඩියකටත් වඩා අඩු කාලයක් තුළදී යාවත්කාලීන කරගත හැකිවන පරිද්දෙන් නව ඉලෙක්ට්‍රොනික වැඩසටහනක්ද අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත. 

නේවාසිකයන්ගෙන් බහුතරයක් දෙනා අක්ෂි සළකුණු හෝ ඇඟිළි සළකුණුවලින් පමණක් දත්ත ගබඩාවේ ලියාපදිංචිය ලබාගෙන ඇති බවද කර්නල්වරයා පවසයි. නේවාසිකයන්ට බයෝමැටි්‍රක් දත්ත හෝ අක්ෂි සළකුණු හෝ ඇඟිලි සළකුණු යොදා ගනිමින් ඊ--ගේට් සේවාව ලබාගත හැකිය. මෙම සක්‍රීය කිරීමේ කාර්යාලය පැය 24 පුරාම විවෘතව තැබෙන අතර, සිය දත්ත යාවත්කාලීන කිරීමේදී යම් මගියෙකු කිසියම් දුෂ්කරතාවයකට මුහුණ දුන්නොත් ඔහුට උපකාර කිරීම සඳහා තාක්ෂණවේදීන්ද සේවයේ යොදවා ඇත.

මීළඟ පියවරේදී මගී විවේකගාරවල ස්ථාපිත කර ඇති ඊ--ගේට්ටු සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. සිය ගමන්මළු භාරදීමෙන් පසුව ගුවන් මගීන්ට ඊ--ගේට් සේවාව හරහා සිය සංචාරක ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කරගෙන කාර්යමණ්ඩලයේ කිසිවෙකුත් වෙතට නොගොස් කෙලින්ම ගුවන්යානයට ගොඩවිය හැකි බව කර්නල් අල් මෂ්රොයි වැඩි දුරටත් පවසයි. තම විදෙස් ගමන් බලපත්‍රයේ පැමිණීමේ හෝ පිටව යාමේ මුද්‍රාව තබාගැනීමට සඳහා ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය වෙතින් සිය දත්තවල වලංගු භාවය  තහවුරු කරගැනීමට ආගමන විගමන කවුළු අසළ දිගු පෝළිම්වල රැඳී නොසිට ඊ--ගේට් සේවාව හරහා සිය වඩාත් පහසුවෙන් සහ ඉක්මනින් සිය සංචාරක ක්‍රියාපාටිය සම්පූර්ණ කරගන්නා ලෙසද කර්නල්වරයා සියලුම නේවාසිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

යම් නේවාසිකයකුට සිය ගමන් බලපත්‍රය මත පැමිණීමේ හෝ පිටවයාමේ මුද්‍රාව තබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඊ--ගේට්ටු අසළ විශේෂ කවුළුවක්ද ස්ථාපිත කර ඇති බව ඔහු පවසයි.


RECOMMEND POSTS