හමා පළාත මුදා ගැනේ



සිරියාවේ හමා පළාත මුළුමනින්ම දයේෂ් තක්ෆීරී හෙවත් අයි.එස්.අයි.එස්. ත්‍රස්වාදීන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදා සමත් වුණැයි සිරියාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කියයි.

හමා පළාත මුදා ගැනීමේ සටන් සිරියානු හමුදා ආරම්භ කළේ මීට මාස කිහිපයකට ඉහතදීය. දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සිරියානු රජයේ හමුදාවට රුසියානු ගුවන් හමුදාවේ ද සහාය හිමි විය.

ඒ අනුව හමා පළාතේ නගර සහ ගම්මාන එකිනෙක යළි අත්පත් කර ගැනීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වූහ. සිරියාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන වැඩි දුරටත් පවසා ඇත්තේ මෙය සිරියානු රජය ලැබූ විශිෂ්ට ජයක් කියාය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS