හදිසියේ ගොඩබස්සයි



සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මඩිනා නුවර සිට බංගලිදේශයේ ඩකා අන්තර්ජාතික ගුවන්තොටුපල බලා පියාසර කිරීමට ගුවන් ගතවන අවස්ථාවේදි ගුවන්යානයේ ඉදිරිපස රෝදයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් කිංග් අබ්දුල්ලාසිස් අන්තර්ජාතික ගුවන්තොටුපලට හදිසියේ ගොඩබැස්සවීමට ගුවන්නියමුවා කටයුතු කර ඇති බව වාර්තා වේ. 

කාර්මික දේෂය නිවැරදි කිරීමට කීපවතාවක් උත්සහ කර ඇති බවත් සියළු උත්සහයන් නිෂ්ඵල වු බවත් ගුවන්යානය ජෙඩා නුවර කිංග් අබ්දුල්ලාසිස් අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබැස්සවීමට ගුවන්නියමුවන් කටයුතු කර ඇති බව ගොවන්තොටුපල මාධ්‍යය ප්‍රකාශක, අබ්දුරහමන් අල්-ටයිබ් ප්‍රකාශ කළේය.

ගුවන්යානය ගොඩබස්වන අවස්ථාවේදි ගුවන්පථය දිගේ ඇඳීයෑම හේතුවෙන් ඉදිරිපස කොටසට හානි සිදු වී ඇත.

වෛද්‍ය කණ්ඩායම් පැමිණ ගුවන් මඟීන් හැත්තෑවකට පමණ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා හතරදෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)  


RECOMMEND POSTS