හදිසි සෝදිසි මෙහෙයුමක්



ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ලැබුණු ඔත්තුවකට අනුව තුර්කි පොලිසිය යලෝවා පළාතේ මන්දිරයක් හදිසියේ සෝදිසි කළ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී ජමාල් කශොග්ජී මරා දැමීම සිදුවූයේ පසුගිය දෙවැනිදාය. කශොග්ජීගේ මළ සිරුර හමුනොවුණි. එය කොටස් කර විස රසායන දියරයක් යොදා විනාශ කර ඇති බවට සාක්ෂි ලැබී ඇත.

පොලිසිය එම මන්දිරය වටලා මන්දිරය තුළත්, ගෙවත්තේත් සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළ බව තුර්කි පුවත් සේවා වැඩි දුරටත් කියා සිටියේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS